Saturday, February 4, 2012

නැවතියන්...මම කියලා දෙන්න මේඩ් ගැන....



මේ සිද්දියත් ඕ ලෙවෙල් කරන කාලේ....වෙච්ච එකක්....ඔන්න ඉතින් ඉන්ටර්වල් එකෙන් පස්සේ අපිට තිබ්බේ ඉන්ග්ලිශ් ලිට්‍රිචර්...ටීචර් ගැන නම් කියන්න දෙයක් නැ...කොච්චර හොදයිද කියනවනම් දුම්මල වරම අතේ තියාගෙන තමයි ඉන්නේ.....ඉතින් අපේ පාඩමේ කසාද බැදල නැති ගැනු ලමයෙක් ගැන ඒ කියන්නේ මේඩ්(කන්යාවක්) ගැන මොකක්ද හුට පට කතාවක් තිබ්බේ.....

ඉතින් ඔය අස්සේ අපේ කොල්ලෙක් හිටිය අසේල කියලා...(මේක බොරු නමක්)මඩ  ගහනව නෙමෙයිනේ... ඉතින්  මේක පොරගේ කැමතිම පීරියඩ් එක...පොර ඇත්තටම මීටරෙ....එ උනාට මැන්ට මේ විශය වැඩිය දිරවන්නේ නැ....මේකට ටියුශන් ආවෙත් නැ..ටීචර් ගෙ....ඒ හින්දා ටීචර්ටත් පොරව අල්ලනෙම නෑ.......ඉතින් පාඩම අස්සේ....මූ අහපි

ටීචර් මේඩ් කිව්වේ මොකක්ද කියල...(පොර දන්නේ නැති හින්ද තමයි ඇහුවේ...)

ටීචර් හිතුවේ මූ කුපාඩි කමට ඇහුවා කියල.....ඉතින් ටීචර් කියපි....

නැවතියන් තොට මම කියල දෙන්න මේඩ් ගැන කියලා.....

එදා ඉදන් තමයි වු මේඩ් උනේ.....

No comments:

Post a Comment