Thursday, February 2, 2012

මාගේ ගිරිපුර වැසියනි

ලෝකෙන් උතුම් රට ලන්කාවායි කියලා...කස්ටිය මේ දවස්වල දාන සෙල්ලම් දැක්කම හිකිz...ඇයි දෙයියෝ...අපේ එකාලට දවස් 365 න් රට ගැන කැක්කුම ගහන්නේ මේ කාලෙට තමයි...ආහ් සමහරු වැලන්ටයින් දෙයියන්ගෙ පිහිටෙන් මාර්කටින් පාර දාන්නෙත් මේ කාලෙටලු...අනේ මන්ද මම නම් ඉතින් ඕවා දන්නේ නැතිලුය...මම පොඩි එකාලුය....මම මේ නිකම් ඉන්න ගමන් කල්පනා කලා ෆේස් බුකියක් හින්දා අපිට වෙලා තියෙන වින්නැහිය....මගේ පරිකල්පන මෙව්වා එකට අනූව ඔය අට මගලය හින්ද රටේ ආර්තිකයටත් සැහෙන්න පාඩුවක් වෙනාවාලුය....මොකො ඉතින් අපේ එකාලා ඔෆීසියේ ඉන්නෙත් ඔන්ලයින් නෙව!!!.... දෙය්යෝ සල්ලි කියලා කොල්ලට හිතෙන්නේ මේ වෙලාවටය.......ඒ උනාට මම කොල්ලත් ඔය ෆේස් බුකියේ සැහෙන්න රව්ම් ගහපු කොල්ලෙක් බව විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැරුව මේ අවස්තාවේ ප්‍රකාශ කර සිටින්නෙමු....හව් එවර් කියලා ෆේස් බුකිය මග ඇරලා සින්හල බ්ලොග් කෙරුවාව තුලින් සැහෙන්න තුත්තියක් ලැබිය හැකි බව මා වටහාගෙන සිටින බව ඔබ තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරන්නෙමු.......ඔබේ කමෙන්ටු මාගේ ගමනට දිරියක්ම වේවා......මාගේ ගිරිපුර වැසියනි...ඔබට ජය.....

No comments:

Post a Comment